සුරැකීමට හෝ.. - Milton Perera 🎶 සුප්‍රසන්න ගීතයක්

සුභ දවසක්! ප්‍රවීන ගායක Milton Perera මහත්මයාගේ ජනප්‍රිය ගීතයක් ඔබට අරගෙන ආවා. තවත් ගීත අහන්නට අපේ චැනලයට SUBSCRIBE කරන්න!

සුරැකීමට හෝ.. - Milton Perera 🎶 සුප්‍රසන්න ගීතයක්
Golden Sl Songs
1.3M views • Nov 29, 2021
සුරැකීමට හෝ.. - Milton Perera 🎶 සුප්‍රසන්න ගීතයක්

About this video

සුභ දවසක් හැමෝටම! ඉතින් අද මම ඔයාලට ප්‍රවීන ගයනවේදී Milton Perera මහත්මයාගේ සින්දුවක්‍ අරගෙන ආවා. මේ වගේ තවත් සින්දු අහන්න මගේ චැනල් එක SUBSCRIBE කරන්න​. බොහොම ස්තූතියි. මෙම සින්දුවෙහි lyrics පහත ඇත​,

Hope all of you guys enjoy these videos.Please consider Subscribing as I do a lot of work to (Such as clearing the vocales and making a much more qaulity audio than the original song using Adobe Audition and creating Quality Videos) present you a one single video, as my main consern is to make people fell in love with our old songs and to eventually make my own productions(songs). So thankyou all for your support goodbye everyone see you in the next video, HAVE A NICE DAY!!

සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
මගෙ ජීවය ගල් ලෙනකි
එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී
හද පෙම් ගිතෙල් දමා
මගෙ ජීවය ගල් ලෙනකි
එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී
හද පෙම් ගිතෙල් දමා
වැළපීමට හෝ සැනසීමට මතු සැරෙන් සැරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
අඩකී පිරිලා ඇත්තේ
රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි
අඩු කොටස ජීවිතේ
අඩකී පිරිලා ඇත්තේ
රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි
අඩු කොටස ජීවිතේ
පිටු පෑමට ලං වීමට බවයේ වරින් වරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
අද හෝ හෙට කරුණාකොට
වියලුනු දෙතොල් තෙමා
දිව ගෑමට සැනසීමට
ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කදුලැලි මත
පාවෙන තරම් ප්රියේ
දරුණූ නැත මගෙ හදවත
හොඳ සිහිය මට තියේ
සැලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ...

Tags and Topics

Browse our collection to discover more content in these categories.

Video Information

Views

1.3M

Likes

5.3K

Duration

3:25

Published

Nov 29, 2021

User Reviews

4.2
(253)
Rate:

Related Trending Topics

LIVE TRENDS

Related trending topics. Click any trend to explore more videos.